අත්තනගල්ල සංවර්ධන ව්‍යාපෲති 490ක වැඩ සාර්ථකව අවසන්

අත්තනගල්ල සංවර්ධන ව්‍යාපෲති 490ක වැඩ සාර්ථකව අවසන්

වියදම රුපියල් කෝටි 20ක්

රුපියල් විසි කෝටියකට වැඩි වටිනාකමක් ඇති සංවර්ධන ව්‍යපෘති 490ක් සාර්ථකව නිම කරමින් 2012 වර්ෂය තුළ සංවර්ධනයේ ඉලක්කගත කඩඉම් කරා වඩාත් ඵලදායී අයුරින් ළඟාවීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සමත්වී ඇතැයි සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා (එජනිස) පැවැසීය.

ග්‍රාමසේවා වසම් 151කින් යුත් සභා බල ප්‍රදේශයේ අදාළ වර්ෂය තුළ ගම නැගුම ව්‍යාපෘති 130ක්ද, මග නැගුම ව්‍යාපෘති 120ක්ද නිමකර ඇත. ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා රැකියා සැපයීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාපිත කළ කර්මාන්ත ව්‍යාපෘති ගණන 160කි. තවද පළාත් සභා ව්‍යාපෘති 68ක්, විමධ්‍යගත ව්‍යාපෘති 12ක් යටතේ පොදු මංමාවත් හා අනෙකුත් සුබසාධන සේවා ක්‍රියාවට නංවා ඇතැයි සභාපතිවරයා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා