අර්ථසාධක නොදෙන හාම්පුතුන්ට නඩු

අර්ථසාධක නොදෙන හාම්පුතුන්ට නඩු

කම්හල්වල අධ්‍යක්ෂවරුන්ට සිතාසි

සේවක සේවිකාවන්ට හිමි විය යුතු අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර නොකරන හාම්පුතුන්ට එරෙහිව නඩු පැවරීමට පානදුර සහකාර කම්කරු කොමසාරිස්වරිය ආරම්භ කර ඇත. පානදුර සහ තදාසන්න පෙදෙස්වල ඇඟලුම් කර්මාන්තකරුවන් ගණනාවකට විරුද්ධව අදාළ සහතික ඉදිරිපත් කර පානදුර සහ හොරණ මහේස්ත්‍රාත් අධිකරණවල මෙම නඩු පවරා තිබේ.

මෙම නඩු අධිකරණය හමුවේ කැඳවූ විට එම කර්මාන්ත ශාලාවල අධ්‍යක්ෂවරු අධිකරණය හමුවේ පෙනී නොසිට නියෝජිතවරු පෙනී සිටිති. මේ ගැන විමසීමක් කළ මහේස්ත්‍රාත්වරයා අදාළ අධ්‍යක්ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් ඔවුනට සිතාසි නිකුත් කෙළේය.

මෙම අධ්‍යක්ෂවරුන්ගෙන් අයවියයුතු හිඟ මුදල රුපියල් ලක්ෂ 40 ඉක්මවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා