යොවුන් ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

යොවුන් ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානය පළමු වරට දිනාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල පසුගියදා සමත්විය.

කෝබින් බොෂ්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, ක්ලයිඩ් ෆෝර්ටූන්ගේ දක්ෂ කඩුලු රැකීමත් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාකිස්තානය සමග පැවැති අවසන් තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් දකුණු අප්‍රිකානු පිලට හිමිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට සියල්ලන් දැවී රැස්කළ හැකිවුයේ ලකුණු 131ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු අමඩ් බට් නොදැවී ලකුණු 37 රැස් කළේය. වේගපන්දු යවන කොබ්‍රින් බොෂ් ලකුණු 15කට කඩුලු 4ක් දවාගත්තේය. පාකිස්තානය පිතිකරුවන් හය දෙනකුම කඩුල්ල පිටුපස සිට උඩ පන්දු රැකගැනීමෙන් දවාගැනීමට කඩුලු රකින ක්‍රීඩක ක්ලයිඩ් ෆෝර්ටූන් සමත්විය.

ජයග්‍රාහී ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී සපුරාලීමට දකුණු අප්‍රිකානු පිලට හැකිවිය. නොදැවී ලකුණු 66ක් රැස්කළ දකුණු අප්‍රිකානු පිලේ නායක ඒඩ්න් මාක්‍රම් තරගයේ වීරයා ලෙස නම් කළ අතර තරගාවලියේ වීරයා ලෙස කෝබින් බොෂ් නම් කෙරිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා