ශ්‍රී ලංකාව අද පළමුවරට ඇෆ්ගනිස්තානය හමුවෙයි

ශ්‍රී ලංකාව අද පළමුවරට ඇෆ්ගනිස්තානය හමුවෙයි

මෙවර ආසියානු ක්‍රිකට් තරගමාලාවේ මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගනිමින් ඉහළ මානසිකත්වයෙන් පසුවන ශ්‍රී ලංකාව අද (3) ක්‍රිකට් පිටියේ ලාබාලතම කණ්ඩායම වන ඇෆ්ගනිස්තානය සමග ඩකා හී තරග බිමට එක්වෙයි. දැනටමත් ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් වන පාකිස්තාන හා ඉන්දියාව පරාජය කළ බැවින් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාව හමුවේ ඇත.

එබැවින් අත්හදා බැලීම් කරමින් සිය කණ්ඩායමේ ශක්තිය උරගා බැලීමට අද තරගය ඔවුන්ට කදිම අවස්ථාවකි. මෙවර තරගමාලාවේ මෙ‍තෙක් ලකුණු අතරට පිවිසීමට නොහැකිවූ මහේල ජයවර්ධන, උපනායක දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා හා නවක ක්‍රීඩක චතුරංග ද සිල්වාට දස්කම් අතරට පැමිණීමට අද තරගය පිටුවහලක් වනු නිසැකය. එහෙත් පෙරේදා සටන්කාමී ක්‍රීඩාරටාවක නිරතව බංග්ලා‍දේශය පරාජය කළ ඇෆ්ගනිස්තාන අඩු තක්සේරුවට ලක් කළ නොහැකිය.

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට අත්දැකීම් අඩුවූවත් ඔවුන් මානසික ඒකාග්‍රතාවය එකලෙස පවත්වා ගෙන යාමට සමත්වීම විශේෂත්වයකි. එය අද තරගයේ දී ද ඔවුන් අනුගමනය කරනු ඇත.ශ්‍රී ලංකාව මෙතෙක් ඇෆ්ගනිස්තාන සමග එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නොමැති බැවින් අද තරගය වාර්තාපොතට එක්වන තරගයකි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා