නෙතන්යාහුගේ සභාග රජයට එක වැඩි ඡන්දයයි

නෙතන්යාහුගේ සභාග රජයට එක වැඩි ඡන්දයයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සභාග රජයක් පිහිටුවා ගැනීමට සමත් වී ඇතැයි වාර්තා වේ. ආසන 120කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට ඔහුට හැකිවී ඇත්තේ ආසන 61කින් එනම් එක් වැඩි ආසනයකින් පමණි. ඒ මධ්‍යම රාත්‍රී 12 එළැඹීමට පැයකට පෙරයි. එමනිසා සම්ප්‍රදායික ආගමික සහ දක්ෂිණාංශික පක්ෂවලට නැඹුරු වීමෙන් තොරව සෙසු පක්ෂවල සහාය ද නෙතන්යාහුට ලබා ගෙන සිය සභාගය තවදුරත් පුළුල් කර ගැනීමට ඔහුට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති. එසේ නැතහොත් පාර්ලිමේන්තුවේ සෑම ඡන්ද විමසීමකදී ම රජය රැකගැනීමට ඔහුට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවනු ඇත.

තමන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට සමත්වී ඇති බව නෙතන්යාහු ජනාධිපති රියුවෙන් රිව්ලින්ට දන්වා ඇතැයි වාර්තා වේ. මේ බව ජනාධිපති කාර්යාලය විසින් තහවුරු කර තිබේ. පසුගිය මාර්තු 17 දින ඊශ්‍රායලයේ පැවැති මහ මැතිවරණයේදී ආසන 30ක් දිනූ නෙතන්යාහු රජයක් පිහිටු වීමට අපොහොසත්වූවා නම් ආසන 24ක් ජයගත් වාමාංශික සෝනිස්ට යූනියන් පක්ෂයට රජයක් පිහිටු වීමට ඇරයුම් ලැබෙනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා