කුඹුරු ගොඩ කරන්න ඉඩ දෙන්නේ නෑ

කුඹුරු ගොඩ කරන්න ඉඩ දෙන්නේ නෑ

කිසිදු කුඹුරු ඉඩමක් ගොඩ කිරීමට ඉඩ නොදෙන බව ගොවිජන සේවා සහ වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා කියයි. කුඹුරු ගොඩ කිරීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ඒ මහතා අවධාරණය කරයි.

ගම්පොළ කීරපනේ පැවැති  වප් වඟුල් උත්සවයක දී ඇමැතිවරයා එම අදහස් පළ කළේය. වසර 30ක් පුරන්ව තිබූ අක්කර 40ක් වන කීරපනේ වෙල් යායක් අස්වැද්දීම ද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ විය.

අමාත්‍යාංශ ලේකම් උදේනි වික්‍රමසිංහ මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද සහභාගී වූහ.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා