ජා-ඇළ රථවාහන ගමනා ගමනයට සීමා පැනවේ

ජා-ඇළ රථවාහන ගමනා ගමනයට සීමා පැනවේ

කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කණුවන පිහිටි ජාඇල ඒකල ප්‍රධාන මාර්ගය හරහා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම නිසා මෙම 4 වැනිදා පෙ. ව. 7 සිට 5 වැනිදා දහවල් 12 දක්වා වාහන ගමනා ගමනය සීමා කර තිබේ.

4 වැනිදා පෙ. ව. 7 සිට රාත්‍රී 9 දක්වා අර්ධ වශයෙන්ද 9 සිට 5 වැනිදා පෙ. ව. 6 දක්වා මුළුමනින්ම, එදින පෙ. ව. 6 සිට දහවල් 12 දක්වා වරින් වරද වාහන ගමනා ගමනය සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව කීය.

අර්ධවශයෙන් මාර්ගය වසා තබන කාලය තුළදී රථවාහන පාලනයට පත්ව එක් මගකින් පමණක් ධාවනය නතරවන අතර මාර්ගය මුළුමනින්ම වසා තබන කාලය තුළදී රථ වාහන ඒකල මඩම හන්දියේ සිට කුඩහකපොල දුම්රිය හරස් මාර්ගය හරහා කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ දෙහියගාත හන්දිය දක්වා හරවා යවනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා