බර්මිංහැම්හි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ඝාතනයට තරුණ යුවළක් අත්අඩංගුවට

බර්මිංහැම්හි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ඝාතනයට තරුණ යුවළක් අත්අඩංගුවට

එක්සත් රාජධානියේ බර්මිංහැම් නගරයේ වෙළෙඳ සලක ශ්‍රී ලාංකික වෙළෙඳ සල් හිමියකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකාර තරුණ යුවළක් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙළෙඳ සල කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් මේ ඝාතනය සිදු කර ඇති අතර එම ඝාතනය වෙළෙඳ සලේ සවිකර තිබූ කැමරා මඟින් වෙළෙඳ සැල් හිමියාගේ දියණිය දැක තිබෙන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

පිහි ඇනුමකින් මේ ඝාතනය සිදු වී තිබෙන බවත් 48 හැවිරිදි සුප්පයියා කර්මසීලන් නැමැති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා මියගොස් තිබෙන බවත් වාර්තා වෙයි.  ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිය, පුතුන් දෙදෙනා සහ දියණිය එම වෙළෙඳ සලේ පිහිටි ඉහළ මාලයේ පදිංචිව සිට ඇති අතර වසරක පමණ කාලයක් ඔවුන් එම ස්ථානයේ ජීවත්ව සිට ඇත.

තවද ඝාතකයන් විසින් වෙළෙඳ සලේ තිබූ බ්‍රිතාන්‍ය පවුම් 100ක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයිද වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් රාජධානි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා