ජපන් ආධාර යටතේ මිලියන 1650ක වියදමින් නැ’හිරට නව පාලම් 5ක්

ජපන් ආධාර යටතේ මිලියන 1650ක වියදමින් නැ’හිරට නව පාලම් 5ක්

නැඟෙනහිර පළාතේ පාලම් 5 ක් ඉදිකිරීම සඳහා ජපන් රජය මගින් යෙන් මිලියන 1217 ක් (රුපියල් මිලියන 1650) ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත. නැෙඟනහිර පළාතේ කාර්යක්‍ෂම මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ ගිවිසුම සඳහා අස්සන් කිරීම පසුගියදා සිදුකෙරිණි.

මේ ගිවිසුම අස්සන් කිරීම මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදුකෙරුණු අතර ඒ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කුනියෝ තකහාෂි මහත්වරුන් අස්සන් කළහ.

මේ ව්‍යාපෘතිය යටතේ මඩකළපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි පනිච්චන්කේනි සපත්තු පාලම, පේරාදෙණිය – බදුල්ල - චෙන්කලඩි මාර්ගයේ පිහිටි 240/4 පාලම ඇතුළු පාලම් සංවර්ධනය කෙරෙන අතර මුන්දේනි ගඟේ පාලම, පුලාවාඩි පාලම හා 283/7 දරන පාලම ද ඊට අයත් වෙයි.

මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය පරිපාලනය කරයි.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිත තකුයා ඔට්සුකා, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජේ. එච්. ජේ. ජයමහ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා