ශ්‍රී ලාංකික ධීවරයෝ 10ක් ඉන්දීය අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ධීවරයෝ 10ක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකික ධීවරයන් 10 දෙනකු ඉන්දීය වෙරළාරක්‍ෂක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. “කැලුම් පුතා” සහ “ප්‍රසන්න පුතා” නමැති බහු දින යාත්‍රා දෙකක ගමන් කර ඇති මොවුන් හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඉන්දීය වෙරළාරක්‍ෂක බලකායේ අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන් 10 දෙනා චෙන්නායි වෙත රැගෙන ගිය බව ද තානාපති ආරංචි මාර්ග පවසයි.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා