සීතාවක කර්මාන්ත පුරය ඇතුළත බස් රථ අනතුරෙන් 15කට තුවාල

සීතාවක කර්මාන්ත පුරය ඇතුළත බස් රථ අනතුරෙන් 15කට තුවාල

අවිස්සාවේල්ල සීතාවක කර්මාන්තපුරයේ සේවය සඳහා සේවකයන් ප්‍රවාහනය කළ බස් දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පහළොස්දෙනකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළු කර ඇත.

ඊයේ (30) උදේ ගැටහැත්තේ සිට මෙසේ සේවකයන් රැගෙන එමින් සිටි බස්රථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා කර්මාන්ත පුරය ඇතුළත නවතා තිබූ බස්රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබේ. කිසිවකුත් බරපතළ තුවාල ලබා නොමැති අතර අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවමින් සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා