ළමයින්ගේ ගුණාංග වැඩුමට නව මාධ්‍ය වැඩපිළිවෙළක්

ළමයින්ගේ ගුණාංග වැඩුමට නව මාධ්‍ය වැඩපිළිවෙළක්

ළමයින් ඉලක්ක කැර විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබන වසරේ සිට නව මාධ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ අනුව දැනුම අවබෝධය කුසලතා පමණක් නොව ළමයින්ගේ යහපත් ගුණාංගයන් ද වර්ධනය කිරීම ඉලක්ක කැර මේ නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

පෙර පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් දක්වා මේ වැඩපිළිවෙළ අංශ කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන් දැනට රූපවාහිනි නාළිකා මඟින් විකාශය කෙරෙන කාටුන් වැඩසටහන් හා ඒවායේ භාෂාව හැසිරවීම පිළිබඳව තමන් දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, ඒවා සියල්ල නිවැරැදි කර ළමුන් උදෙසා නව මාධ්‍ය වැඩපිළිවෙළක් ලබන වසරේ සිට ක්‍රියාවට නංවන බවත් ඇමැති රඹුක්වැල්ල මහතා පවසයි.

රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේ දී ළමා සංවර්ධනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කැර ඇතැයි ද ඒ අනුව සාරධර්ම හා රටෙහි අනන්‍යතාව සුරකිමින් මෙරට ළමා පරපුර ලෝකයේ ඉහළම ස්ථානයට ගෙනයාමට ජනමාධ්‍ය උපරිම අයුරින් ක්‍රියා කළ යුතු බව ද ඇමැතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා