වී මෙට්‍රික් ටොන් 2,57,000ක් රජයේ ගබඩාවල තියෙනවා

වී මෙට්‍රික් ටොන් 2,57,000ක් රජයේ ගබඩාවල තියෙනවා

ඇමැති මහින්ද යාපා අබේවර්ධන

යල සහ මහ කන්නයේ මිල දී ගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් හත් දහසක් රජයේ ගබඩාවල ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) පැවැසීය.

රජය විසින් සම්බා වී කිලෝවක් රුපියල් තිහකට ද, නාඩු වී කිලෝවක් රුපියල් විසි අටකට ද මිලදී ගනු ලබන බවත් යල කන්නයේ වී මිලට ගැනීම පිණිස රුපියල් කෝටි 565ක් වෙන්කර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එ.ජා.ප.) අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. රජයේ ගබඩාවලට ගෙන එනු ලැබූ සෑම වී ඇටයක් ම මිල දී ගත් බවද ඇමැතිවරයා අවධාරණය කළේය. පසුගිය යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය පනස්හයක් මිල දී ගන්නා ලදැයි ද ඇමැතිවරයා පැවැසීය.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා