බස්රථයෙන් බැස යනවිට කකුල යටකලාට දඩ සමඟ වන්දි

බස්රථයෙන් බැස යනවිට කකුල යටකලාට දඩ සමඟ වන්දි

කඩවත නගරයේදී තරුණියක් තමා ගමන්ගත් පුද්ගලික බස් රථයෙන් බැස යාමේදී ඇගේ පාදයක් එම බස්රථයේ ටයරයකට යටකර බරපතළ තුවාල සිදු කිරීම, අපරීක්ෂාකාරි ධාවනය, අනතුරක් වළකා නොගැනීම යන චෝදනාවට වරද පිළිගත් එම බස් රථයේ රියදුරුට රුපියල් 6000/- දඩයක්ද, තුවාල ලත් තැනැත්තියට රුපියල් 25000/- විසිපන් දහසක වන්දියක්ද ගෙවන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා නියම කළේය.පැමිණිල්ල කඩවත පොලිසියේ රථවාහන අංශයෙනි. දඩ නියම වූවේ ඒ . ප්‍රියදර්ශන නැමැත්තෙකුටය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා