ජනමාධ්‍ය ඇමැති කොකාවිල් සම්ප්‍රේෂණ කුලුන නිරීක්ෂණ චාරිකාවක

ජනමාධ්‍ය ඇමැති කොකාවිල් සම්ප්‍රේෂණ කුලුන නිරීක්ෂණ චාරිකාවක

උතුරු පළාත සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කොකාවිල් හි ඉදිකරන ලද ලංකාවේ විශාලතම හා උසම බහුකාර්ය සම්ප්‍රේෂණ කුලුනෙහි වැඩ නිම වෙමින් පවතී. මෙහි උස මීටර් 174 කි. මෙම කුලුන විදුලි සංදේශ කාර්ය සඳහා මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කාර්යයන් සඳහා භාවිතයට යොදා ගැනේ. රජයේ මාධ්‍ය පමණක් නොව පෞද්ගලික නාලිකා සඳහා ද මෙම කුලුන පරිහරණය කිරීමට අවස්ථාව සැලසේ. ඉදිරි සති දෙක තුළදී රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණ සවි කිරීමට නියමිතය. 

පෙබරවාරි මාසය තුළදී මෙම කුලුන විවෘත කොට උතුරු පළාතට මෙතෙක් කල් අපැහැදිලිව පැවති ශ්‍රවණ හා දෘශ්‍ය තත්ත්වය මග හැරී යනු ඇත. ජනාධිපතිතුමාගේ නියමය පරිදි ඊයේ (28) ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ජනමාධ්‍ය ලේකම්තුමා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාද, යුද හමුදා සංඥා බලකායේ අණ දෙන නිලධාරී ප්‍රසාද් සමරසිංහ, රූපවාහිනි සංස්ථාවේ සභාපතිතුමා, ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් රැසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා