ලංගමයට අලුත් බස් 100ක් පෙබරවාරියේදී

ලංගමයට අලුත් බස් 100ක් පෙබරවාරියේදී

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පෙබරවාරි මාසය අවසන් වීමට පෙර තවත් අලුත් බස් රථ 100ක් එක්වෙයි. මෙම බස් රථ දුරගමන් සේවා සඳහා යෙදවීමට නියමිතය. ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් ගෙන්වනු ලබන එම එක් බස් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් වෙයි.

මෙම බස් රථ ගෙන්වීම සඳහා වැයවන මුදල් ශ්‍රී ලංගම උපයා ගනු ලබන ආදායමින් පියවන බව ලංගම සභාපති ඇම්. ඩී. බන්දුසේන මහතා පැවසීය. ශ්‍රී ලංගම බස් රථ ඇණිය 7500 දක්වා වැඩි කිරීමට ඉලක්ක කොට ඇති අතර ඩිපෝවල ධාවනයෙන් ඉවත්කර ඇති බස්රථ 1000ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමේ ව්‍යාපෘතියක්ද දැනට ක්‍රියාත්මකව පවතී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා