රෙදි සෝදන්න කළු ගඟට ගිය දෙදරු මව සැඩ පහරට ගසාගෙන ගිහින්

රෙදි සෝදන්න කළු ගඟට ගිය දෙදරු මව සැඩ පහරට ගසාගෙන ගිහින්

රෙදි සේදීම සඳහා කළු ගඟේ අඟුරුවාතොට තොටුපළට ගිය දෙදරු මවක් පෙරේදා (27) සැඩ පහරකට හසුව දියේ ගිලී මරුමුවට පත්වීමේ සිද්ධියක් අඟුරුවාතොට පොලිසියෙන් වාර්තාවේ.

මෙම කාන්තාවගේ මළසිරුර ගඟේ පාවෙමින් තිබියදී (28 – 1 – 2011) දා උදේ උඩුවර තොටුපළ අසලදී ගොඩගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ අඟුරුවාතොට ගමගේ පුෂ්පරංගී (37) නැමති දෙදරු කාන්තාවකි. වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා ඇගේ මළසිරුර හොරණ රෝහලට බාර දී තිබේ. අඟුරුවාතොට පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා