ස්වාධීන රූපවාහිනී භූමියේ දී යකා නැටූ බත්තරමුල්ලේ ව්‍යාපාරිකයාට වැඩ වරදී

ස්වාධීන රූපවාහිනී භූමියේ දී යකා නැටූ බත්තරමුල්ලේ ව්‍යාපාරිකයාට වැඩ වරදී

ස්වාධීන රූපවාහිනී සේවයේ පරිශ්‍රය තුළට කඩා වැදී එහි සේවක පිරිසකට තර්ජනය කරමින් පහර දීමට තැත් කළ බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඔහුගේ මෝටර් රථයද සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (27) පස්වරු 8.30 ට පමණ එම සිද්ධිය වී ඇති බව තලංගම පොලීසිය පවසයි. ස්වාධීන රූපවාහිනි කණ්ඩායමක් වෑන් රථයකින් බත්තරමුල්ල සිට කාර්යාලය දෙසට ගමන් කර ඇත.

ඒ අතර පිටුපසින් පැමිණි ඉහතකී ව්‍යාපාරිකයාගේ රථය පාර අවහිර කිරීම නිසා සුළු බහින් බස් වීමක් සිදුව තිබේ. පසුව ස්වාධීන රූපවාහිනි රථය කාර්යාල භූමියට ඇතුළුවන විට ව්‍යාපාරිකයාගේ රථයද බලහත්කාරයෙන් ආයතන භූමියට ඇතුළු කර තිබේ. අනතුරුව ව්‍යාපාරිකයා සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් ස්වාධීන රූපවාහිනි සේවකයන්ට බැන වැදී, තර්ජනය කර එක් සේවකයකුට පහරක් දී පලාගොස් තිබේ.

තලංගම පොලිසියට පැමිණිල්ල ලැබී සුළු වේලාවක් තුළ එහි අයිතිකරු සොයා ගැනීමට හැකිවිය. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත තලංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා