දුම්රියෙන් හොරෙන් ගිය 45කට-27දාහක් දඩ

දුම්රියෙන් හොරෙන් ගිය 45කට-27දාහක් දඩ

කාන්තාවන් හතර දෙනෙකුත් ඒ අතර

කොළඹ කොටුවේ සිට තලවාකැලේ දුම්රිය ස්ථානය දක්වා කළ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකදී ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කළ මගීන් හතලිස් පස් දෙනෙකු දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් හතර දෙනෙකු ද ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදා මෙහෙයුම් භාර නිලධාරි ඩබ්. එස්. ජයසේකර මහතා පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේද, කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත්, තලවකැලේ දක්වාත් ධාවනය වූ දුම්රියවල එම ප්‍රවේශ පත්‍ර පරීක්ෂාව සිදුකොට ඇත. ප්‍රවේශපත්‍ර නොමැති මගීන් හතලිස් පස් දෙනාගෙන් රුපියල් විසිහත් දහස් නමසීයක දඩ මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදීමට ආරක්ෂක නිලධාරීන් සමත් වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා