මහනුවර සඳුන් ජාවාරමේ නියුතු සිවුදෙනෙක් පොලිස් අත්අඩංගුවට

මහනුවර සඳුන් ජාවාරමේ නියුතු සිවුදෙනෙක් පොලිස් අත්අඩංගුවට

රජ මාවත ආශ්‍රිත ප්‍රදේශයන්හි ඉතා වටිනා සඳුන් දැව කැපීමේ ජාවාරමක නිරතව රුපියල් ලක්‍ෂ ගණනක සඳුන් දැව කැපූ බව කියන සිවු දෙනකුගෙන් සමන්විත කල්ලියක් රුපියල් ලක්ෂයක පමණ සඳුන් දැව තොගයක් සමග තලාතුඔය පොලිසිය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබ ඇත. මයිලපිටිය, කපුලියද්ද, හාරගම, පෝලෑව, සිංහාරගම, දඹවෙල ආදී ප්‍රදේශයන්හි මෙම කල්ලිය පසුගිය දිනවල සඳුන් දැව කැපීමේ ජාවාරම මහා පරිමාණයෙන් කැර ගෙන ගොස් ඇතැයි පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වේ.

මෙම ජාවාරම සඳහා යොදා ගත් බව කියන ත්‍රිරෝද රථයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත. දඹවෙල හා අම්පිටිය ප්‍රදේශවල පදිංචි මෙම කල්ලිය පසුගිය දින කිහිපය එම ප්‍රදේශයන්හි වෙළෙඳ සල් හා නිවෙස් හතරක් ද බිඳ රුපියල් ලක්‍ෂ ගණනක භාණ්ඩ සොරාගෙන ඇතැයි පොලීසිය පවසයි. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාරත්න ගම්මන්පිල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා