අසාධාරණ ඥාන

අසාධාරණ ඥාන

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ වනාහි ලොකත්‍රයයෙහිවූ කිසිවකුන් හටත් සාධාරණ නොවූ ප්‍රඥා සම්පත්තියකින් යුක්තවූහ. සියලු සතුන් පිළිබඳ ආසයානුසයාදිය සලකා දහම් දෙසා ඔවුන් බව සයුරෙන් එතෙර කොට ශාන්තවූ නිර්වාණ සැපය ලබාදුන් සේක. ප්‍රත්‍යෙක බු_ාදි අවශෙෂ කවරකු හටත් නොමැති ඒ හේතුවෙන්ම අසාධාරණ යන නම්වූ නුවණින් යුතුවූ සේක.

(1) ඉන්ද්‍රිය පරොපරියත්ත ඥානය,

(2) ආසයානුසය ඥානය,

(3) යමක පාටිහීර ඥානය,

(4) මහාකරුණා සමාපත්ති ඥානය,

(5) සබ්බඤ්ඤුත ඥානය,

(6) අනාවරණ ඥානය.

යන මොහු සදෙන ලොවුතුරා බුදුරජාණන් වහන්සේටම විනා අන් කා හටත් නොලැබෙන බැවින් අසාධාරණ ඥානයෝය යි කියනු ලැබෙත්, එහි

1. ඉන්ද්‍රිය පරො පරියත්ත ඥානය - යනු ඒ ඒ සත්වයන්ගේ ශ්‍රෙ_න්ද්‍රියාදීන් පිළිබඳ වූ උත්තමාධමාතාදීන් දැනගන්නා නුවණ වේ.

ඉන්ද්‍රියයෝ වනාහි ශ්‍ර_ා-වීය¸-සමෘති-සමාධි-ප්‍රඥා යන මොවුන්ගේ වශයෙන් පස්දෙනෙකි. නිර්වාණාධිගමයෙහිදී ඒ ඒ පුද්ගලයන්ට මේ ධර්‍මයන්ගෙන් එකක් එකක්ම අධිපති භාවය කරන හෙයින් වෙන වෙනම ඉන්ද්‍රිය යි ව්‍යවහාර කරති. ‘පර’ යනුවෙන් උතුම් බවද, ‘අපර’ යනුවෙන් ලාමක බවද කියති. ‘පරොපරියත්ත’ යන මෙයින් උත්තමාධමතාවය ප්‍රකාශ වේ. ඥානය නම් දැනුම වේ. වචනාර්‍ථ වශයෙන් මෙසේ සලකන කල ඒ ඒ සත්ව පුද්ගලාදීන්ගේ ශ්‍රෙ_න්ද්‍රියාදි පඤ්චෙන්ද්‍රියයන්ගේ උත්තමාධම භාවය පිළිබඳ තතු දැනගන්නා නුවණ ඉන්ද්‍රිය පරොපරියත්ත ඥානය නම් වේ.

තථාගතයන් වහන්සේට ම සාධාරණවූ ඒ මේ ඉන්ද්‍රිය පරොපරියත්ත ඥානය සැකෙවින් මෙබඳු වුවත් විස්තරව සලකතහොත් පස් වැදෑරුම් වේ. බුදුරජාණන් වහන්සේ විසින් මාර්‍ග ඵලයන්හි හික්මවිය යුතුවූ වෛනෙය ජනයෝ කොටස් දසයෙක්හි ඇතුළත් වෙති.

(අ) අල්ප රජස්ක පුද්ගලයා (හෙවත්) නුවණ නැමැති ඇසෙහි වැටුණු කෙලෙස් නමැති රජස් ස්වල්ප වශයෙන් පවත්නා පුද්ගලයා (හෙවත්) ඔක්කප්පන ශ්‍ර_ාවය බලවත් වීය¸ය යනාදීන් මූකුරා ගිය ඉන්ද්‍රියයන් ගෙන් යුක්තවූ පුද්ගලයාය.

(ආ) මහා රජස්ක පුද්ගලය (හෙවත්) නුවණැසෙහි මහත්වූ කෙලෙස් රජස්වැටීමෙන් මාර්‍ග ඵලාධිගමයට දුෂ්කරවූ කෙලෙස් බහුල පුද්ගලයාය.

(ඉ) තීක්ෂණන්ද්‍රිය පුද්ගලය (හෙවත්) බලවත් සැදැහැ විරිය ඈ ගුණෙන් තියුණුවූ ඉඳුරන්ගෙන් යුක්තවූ පුද්ගයාය.

(ඊ) මෘද්වින්ද්‍රිය පුද්ගලය (හෙවත්) දුර්වලවූ ශ්‍ර_ාදියෙන් යුක්තවූ බැවින් මෘදුවූ ඉඳුරන්ගෙන් යුතුවූ පුද්ගලයාය.

(උ) ස්වාකාර පුද්ගලයා (හෙවත්) යහපත්ව ඇතිවූ ශ්‍ර_ාදියෙන් යුක්තවූ හෙයින් ශොභනවූ ආකාර ඇති පුද්ගලයෝය.

(ඌ) ද්වාකාර පුද්ගලය (හෙවත්) ශ්‍ර_ාදියෙන් හීනවූ හෙයින් අශෝභනවූ ආකාර ඇති පුද්ගලයෝය.

(එ) සුවිඥාප්‍ය පුද්ගලය (හෙවත්) දෙසනු ලබන කරුණු සුවසේ අවබෝධකර විය හැකි පුද්ගලයෝය.

(ඒ) දුර්විඥාප්‍ය පුද්ගලය (හෙවත්) කියනු ලබන කරුණ වහා අවබෝධ නොවන බැවින් දුකසේ කරුණු ඇඟවිය යුතු පුද්ගලයෝය.

(ඔ) පරලෝක වජ්ජ භය දස්සාවී පුද්ගලය හෙවත් පඤ්චස්කන්ධය, අටළොස් ධාතුය යනාදි සත්ත්ව සඞ්ඛ්‍යාතවූ ලෝකයද, දුරුකළ යුතු රාගාදි කෙලෙසුන්ද දැඩි ලෙස භය වශයෙන් නුවණැසින් දක්නා ස්වභාව ඇති පුද්ගලය.

(ඕ) නපරලෝක වජ්ජභය දස්සාවී පුද්ගලය (හෙවත්) පළමු කී ස්වභාවය නැති එහෙයින්ම පඤ්චස්කන්ධාදිය හා රාගාදිය කෙරෙහි බිය නොදක්නා ස්වභාවය ඇති පුද්ගලය යන මොහු දස දෙන පඤ්චෙන්ද්‍රියයන්ගේ වශයෙන් ගුණකරන ලද්දාහු සම පනස් දෙනෙක් වෙති.

මෙසේ සම පනසකට බෙදෙන ශ්‍රෙඬන්ද්‍රියාදීන්ගේ උස් පහත් බැව් දිවැසින් දුටුසේ නුවණින් පිරිසිඳ දක්නා නුවණක් පසේබුදු - රහත් ආදි අන් කිසිවකු හටත් නැති බැවින් බුදුරජාණන් වහන්සේ හට ම සාධාරණවූ ප්‍රථමවූ ඉන්ද්‍රිය පරො පරියත්තඥානය බැව් සැලකිය යුතු.

2. එහි ආසයානුසය ඥානය නම් කවරේද?

ඒ සත්වයන්ගේ ආසය, අනුසය, චරිතය, අධිමුක්තිය, භව්‍ය අභව්‍යාත්වය, යන මේ කරුණු පස පිරිසිඳ දැන වදාරන නුවණ වේ.

(අ) ආසය යනු මිසදිටු බවය, සම්දිටු බවය, කාමාදියය, නෛෂ්ක්‍රම්‍යය, යනාදීන් විසින් ආශ්‍රය කරන එහෙයින් ම පරිභාවිත වූ සන්තානය වේ.

(ආ) අනුසය යනු සත්ත්වයන්ගේ සන්තානයෙහි නැවත නැවත පහළවීම් වශයෙන් ශක්තිමත් බවට පැමිණි අප්‍රහීණවූ රාගාදී ක්ලෙශයෝයි.

(ඉ) චරිතය යනු කාමාවචරවූ කුසල් සිත් අට දෙනය, රූපාවචර කුසල් සිත් පස්දෙනය, යන පුණ්‍යාභි සංස්කාරයද, අකුසල් සිත් දොළොස් දෙන යයි කියන ලද අපුණ්‍යාභි සංස්කාරයද, ආකාසනඤ්චායතනාදි අරූපාවචර කුසල චිත්ත ස¾ඩ්ඛ්‍යාතවූ ආනෙඤ්ජාභි සංස්කාරයද යන මේ සංස්කාරයෝය. හෙවත් මින් පෙර දැයෙහි රැස්කළ කුසලාකුසල කර්‍මවේ.

(ඊ) අධිමුක්තිය යනු සත්ත්වයන්ගේ චරිතානුකූලවූ ලාමකවූද, උත්තමවූද, අදහස වේ. යහපත් අදහසින් යුක්තවූවාහු ප්‍රණීතාධි මුක්තිකයෝයයි ද, පහත් අදහස් අත්තාහු හීනාධි මුක්තිකයෝ යයිද, කියනු ලැබෙත්. ආධිමුක්තිය අනුවම ඒ ඒ ස්කන්ධයෝ සදාශ්‍රය හා දුරාශ්‍රය ලබති.

උ) භව්‍යාභව්‍යÀවය යනු ආර්ය මාර්‍ගාධි ගමයට සමර්ථ පුද්ගලයන් හා අසමර්‍ථ පුද්ගලයෝ වෙති. කර්‍මාවරණාදියෙන් මිදුණු, තෙරුවනෙහි හටගත් සැදැහැ ඇති, කුසල් කරනු කැමැති, මනා නුවණැති, මඟපල නුවණ ලැබීමට ශක්තිය ඇති පුද්ගලයෝ භව්‍යයෝ වෙති. ආනන්තර්ය කර්‍ම ස¼ඞ්ඛ්‍යාත කර්‍මාවරණය, නියත මිථ්‍යා දෘෂ්ටි සඞ්ඛ්‍යාත ක්ලෙශා වරණය, අහෙතුක ප්‍රතිසන්ධි සඞඛ්‍යාත විපාකාවරණය යන මොවුන් එකකිනුදු යුක්තවූ ශ්‍රධාදියෙන් තොරවූ කුසලට නොරිසි අඥයෝ අභව්‍යයෝ වෙති. ඒ මේ ආසයානුසයාදීන් පිරිසිඳ දන්නාවූ අසාධාරණවූ නුවණ ආසයානුසය ඥානය නම් වේ.

3. යමකපාටිහීරඥානය යනු විස්මය ජනක ජල-ගිනි ආදි වස්තු දෙකක් එකවර එකවස්තුවෙක පෙර පසු නොමදක්නා ලෙස ඍÿ බලයෙන් දක්වාලමින් ශ්‍ර_ාහීනතාදීය බැහැර කිරීමට සමර්‍ථවූ ඥානය වේ. ගින්නත් ජලයත් එක් වස්තුවක එකවර නොදක්නා ලැබේ. තථාගතයන් වහන්සේ ධ්‍යානයට සමවැද ඍÿවිධඥානාදී අභිඥාවක් මුල්කොට ගෙන ඒ සඳහා වරෙක චතුර්‍ථ ධ්‍යානයට සමවැද එයින් නැඟී සිටින සේක. එකල ඍÿය උපදී. මෙසේ කරුණු දෙකක් ගැන වෙන් වෙන්ව දෙවරක් ධ්‍යාන උපදවත් මුත් බලන්නවුන්ට ඒ දෙකම එකවර ඉපදවූ සේ පෙනේ.

උන්වහන්සේගේ අධිෂ්ඨානයටද, ආවර්ජනයටද, අතර භවා¼ඞ්ගසිත් දෙකක් පහළවන බැවිනි. එසේ හෙයින් බු_ ශරීරයෙහි උඩ කොටසින් ගිනිකඳ නික්මේ නම් යට කොටසින් දියකඳ නික්මේ. යට කොටසින් ගිනිකඳ නික්මේ නම්; උඩ කොටසින් දියකඳ නික්මේ. මෙසේ එකවර විසමවූ වස්තූන් දෙකක් එක් ස්ථානයෙක්හි දැක්වීම යමක යයි සලකනු ලැබේ. ඒ දැක්මෙන් බුදුරදුන් කෙරෙහි ශ්‍ර_ාදිය ඉපදවීමෙන් අශ්‍ර_ාදිය බැහැර යේ. එය පාටිහීර නම් වේ. ඒ පිළිබඳවූ නුවණ යමක පාටිහීර ඥානය නම් වේ.

4. මහා කරුණා සමාපත්තිඥානය, යනු දුකින් පෙළෙන සත්ත්වයන් එයින් මුදාලීම පිණිස ඇතිවන කරුණාව සෙසු රහතුන් ආදි උතුමන්ට සාධාරණ නොවනසේ පිදිය යුතු පරිදි බුදුරදුන් කෙරෙහි පවතී. එහෙයින් එය මහා කරුණාවයයි කියනු ලැබේ. එය සිත් සතන්හි ඉපදීම් වශයෙන් පැමිණීම සමාපත්ති නම්, ඒ පිළිබඳවූ නුවණ මහා කරුණා සමාපත්ති ඥානය නම් වේ. රාග- ද්වෙෂාදි එකොළොස් ගින්නකින් සත්ත්වයෝ නිබඳ දැවෙති. බුදුරදුන් ;කරෙහි වූ මහ කුළුණු සමවත් නුවණින් ඒ රාගාග්න්‍යාදිය නසා අමා සුවයට සතුන් පත් කිරීමට සිතන සේක. මෙසේ කරුණාවෙන් සතුන් දක්නා නුවණ මහා කරුණා සමාපත්ති ඥානය නම් වේ.

5. සබ්බඤ්ඤුත ඥානය, යනු අතීතාදි කාලත්‍රයෙහිවූ සියලු ධර්‍මයන් සර්වාකාරයෙන් නිරවශේෂ කොට දැන ගන්නාවූ නුවණ වේ. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති යන පඤ්චවිධ ඥෙය මණ්ඩලයට ඇතුළත්වූ ධර්‍මයෝ යම්තාක් වෙත්ද, බුද්ධඥානයත් එපමණ වේ. බුද්ධඥානය යම් පමණවේද දතයුතු ධර්‍මයෝත් එපමණ වෙති. සියලු ධර්‍මයෝ බුදුරජාණන්ගේ ආවර්ජනාදිය පිළිබඳ වෙති. ප්‍රත්‍යයන් විසින් කරන ලද හෙයින් සංස්කෘත (සංඛත) නම්වූ කාමභවාදි භවත්‍රය පිළිබඳවූ ධර්‍මයන්ද කිසිම ප්‍රත්‍යයකින් නොකරන ලද බැවින් අසංස්කෘත (අසංඛත) නම්වූ නිර්වාණ ධර්‍මයද යන මේ සියල්ල මේ උතුම්වූ බුදු නුවණින් දක්නා ලැබේ. එහෙයින් සබ්බඤ්ඤුත ඥානය අසාධාරණඥානය යයි කියනු ලැබේ.

6. අනාවරණ ඥානය, යනු කිසිම ධර්‍මයක බලයකින් හෝ පුද්ගලයකු විසින් හෝ ආවරණය (-මුවහකිරීමක්) නොකළ හැකි හෙයින් සර්වඥතාඥානය ම වේ. වජ්‍රායුධය යම්සේ කිසිවක නොපැකිළ පවතීද, මේ නුවණත් කිසිවකත් නොපැකිළ සියල්ලෙහි තත්ත්වය යථා ස්වභාවයෙන් පළකරයි. එසේ හෙයින් මේ අනාවරණය ඥානයද, බුදුරජාණන් වහන්සේහට ම සීමාවූ ඥාන විශේෂයකි. මෙසේ සර්වඥයන් වහන්සේගේ අපරිමිත ප්‍රඥාසාගරයෙන් බිඳක් වැනිවූ ෂඩ් අසාධාරණ ඥානයාගේ ලෙශමාත්‍රයක් මෙයින් දැක්වීමු.

අසාධාරණවූ රූපකාය සම්පත්තියකින් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ අසාධාරණවූ ඥාන සයකිනුදු යුක්ත බවත්, ඊට හේතුව පෙරුම්දම් පිරුම බවත් සලකා සියලුම බෞ_යන් විසින් තම තමනුත් ඒ උතුම් උසස් ගුණ පසක්කරගනු පිණිස ශ්‍ර_ාබුන් යුතුව දාන ශීල භාවනා යන කුශල කර්‍මයන්හි යෙදී නිවන් සුව ලබා ගැනීමෙහි උත්සාහ වැඩිය යුතු බව කියමු.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා