ත්‍රිරෝද රියෙන් ඉවතට විසිවුණ මාස 2 1/2 කිරි දරුවා රෝහලේ දී මිය යයි

ත්‍රිරෝද රියෙන් ඉවතට විසිවුණ මාස 2 1/2 කිරි දරුවා රෝහලේ දී මිය යයි

හදිසි අනතුරක් සිදු වූ ත්‍රිරෝද රථයකින් පිටතට විසිවුණු මාස 2 1/2ක දැරියක රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බැව් වාර්තා වෙයි.

ඉකුත් 18 වෙනිදා අලුයම 3.30ට පමණ සිදු වූ මෙම හදිසි අනතුරෙන් මිය ගොස් ඇත්තේ කඩවත ඉහළ කරගහ සේරම් මාවතේ සදීෂා සෙව්වන්දි නැමැති දැරියකි.

සිද්ධිය සිදුව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සව සාදයකට සහභාගි වී එය අවසානයේදී ඊට සහභාගි වූ ඥාතීන් ඇරලවා එන මඟ ත්‍රි රෝද රථය මහ මාර්ගයේ විදුලි කණුවක හැපීමෙන් සිය මව අත සිටි කිරි දරුවා ත්‍රිරෝද රථයෙන් ඉවතට විසි වීමෙන් බැව් පැවසේ.

නුවර පාරේ මහර ප්‍රදේශයේදී මෙම හදිසි අනතුර සිදුවී ඇත. රාගම රෝහලට ඇතුළත් කළ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී සිදු කර ඇති අතර කඩවත පොලිසිය මේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා