බිංගිරියේ කාන්තාවෝ බාහු බලය පෙන්වති

එක ගමකට එක වැඩක් රටක් වටින කතාවක්

බිංගිරියේ කාන්තාවෝ බාහු බලය පෙන්වති

එක ගමකට එක වැඩක් වැඩපිළිවෙළ යටතේ බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ බිංගිරිය මුණමල්වැටිය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ප්‍රදේශයේ කාන්තා දායකත්වය නොඅඩුව ලැබී තිබූ බව දැකගත හැකි විය.

වසර ගණනාවක කාලයක් තුළ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා මෙම ඇළ මාර්ගය වල් බිහිව තිබුණි. එම නිසා මෙම ඇළ ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස විටින් විට වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටියත් එම ඉල්ලීම් ඉටුවුයේ එක ගමකට එක වැඩක් ව්‍යාපෘතියෙනි.

ඒ බිංගිරිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතාගේ මැදිහත්වීමෙනි. ඒ අනුව රුපියල් ලක්ෂ දහයක මුදලක් ලැබී තිබුණි.

මෙම සංවර්ධන ක්‍රියාත්මක කිරීම පිණිස වගකීම භාරගැනිමට කිසිදු සංවිධානයක් ඉදිරිපත් නොවූ අතර අවසානයේදී බිංගිරිය වීරපොකුණ සමෘද්ධි සංගමය එම කොන්ත්‍රාත්තුව ලබා ගනු ලැබීය. එම සංගමයේ සමෘද්ධිලාභී කාන්තාවක් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේදී ශ්‍රම දායකත්වය ලබාදී තිබුණි.

කාන්තා ශ්‍රම දායකත්වය

ඇළ මාර්ගය

බැකෝ එකක් යොදවා පස් ඉවත් කිරීමේ කටයුතු ඉටුකළ අතර ඉවත් කළ පස් ඇළ මාර්ගයේ දැලවරේ කණ්ඩිය සවිමත් කිරීමට ගෙන ගොස් දමන ලද්දේ කාන්තා ශ්‍රමයෙනි.

මේ වන විට එම ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ඇත. මින් ඉදිරියට තම කුඹුරු යායන්ට අවශ්‍ය ජලය නොඅඩුව ලබාගැනීමට මේ නිසා හැකිවී ඇති බව ප්‍රදේශයේ ගොවිහු පෙන්වා දෙති. මෙම ප්‍රතිසංස්කරණ කාර්ය සාර්ථක කර ගැනීමට කාන්තා සහාය ලැබීම ආදර්ශවත් බව මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා