බොරු ශ්‍රමණ වෙස් ගත් බාල වයස්කරු අත්අඩංගුවට

බොරු ශ්‍රමණ වෙස් ගත් බාල වයස්කරු අත්අඩංගුවට

සිවුරු පොරවාගෙන පානදුර නගරයේ වෙළඳ සල්වලින් මුදල් එකතු කෙළේ යැයි කියන බාල වයස්කාර දරුවකු භික්ෂුන් වහන්සේ තුන් නමක් මගින් පානදුර පොලිසියට බාර දී තිබේ.

පානදුර පොලිසිය සැකකරු පානදුර මහේස්ත්‍රාත් ආර්.එස්.ඒ. දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට නියම කෙරුණි.

පරීක්ෂණ වාර්තාවක් පානදුර දකුණු පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේ ය. මෙම බාල වයස්කාර දරුවා ඇඹිලිපිටියේ විහාරයක මහණ වී සිට සිවුරු හැර දැමූ අයෙකි.

මව විදේශ රැකියාවක නිරත වී සිටින අතර පියාද ජීවත්ව සිටී. මෙම දරුවා පානදුර ප්‍රදේශයට පැමිණ සිවුරක් පොරවාගෙන වෙළෙඳ සැල්වලින් මුදල් එකතු කරමින් සිටියදී භික්ෂුන් වහන්සේ තුන් නමකට හසුවී පානදුර පොලිසියට බාර දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා