ඉන්දු-චීන දේශ සිමා අවුල සාමකාමීව විස‍‍‍ඳෙන ලකුණු

ඉන්දු-චීන දේශ සිමා අවුල සාමකාමීව විස‍‍‍ඳෙන ලකුණු

ඉන්දු - චීන දේශ සිමාව චීන සෙබළුන් විසින් උල්ලංඝනය කිරීම හේතුවෙන් පැනනැඟී ඇති තත්ත්වය සාමකාමීව සමනය කරගත හැකි වනු ඇති බවට ඉන්දිය අගමැති මන්මෝහන් සිං සෙනසුරාදා විශ්වාසය පළකර ඇත . මෙම ප්‍රශ්නය සාමකාමී ලෙස විසඳා ගත හැකිව තිබියදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරීමට උල්පන්දම් නොදෙන ලෙසද අගමැතිවරයා අනතුරු අඟවා තිබේ .

දේශසිමාවේ හිමාලයන් කඳුකර ප්‍රදේශයේ දී හටගත් මෙම අර්බුදකාරී තත්ත්වය නිසා 1962 දී හටගත් ඉන්දු -චීන යුද්ධයෙන් පසුව දෙරට අතර ගොඩනැඟී තිබූ අවිශ්වාසය තවදුරටත් උත්සන්න විය .

උද්ගතවී ඇති නවතම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා කථා කළ ප්‍රථම අවස්ථාව මෙයයි . ඉන්දීය ආරක්ෂාවට චීනය දිගු කාලින තර්ජනයක් වන බව ඉන්දීයාවේ විශ්වාසයයි . මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉන්දීය රජය ක්‍රියාකරන ආකාරය භාරතීය ජනතා පක්ෂයේ දැඩි විවේචනයට ලක්වී තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා