ඇෆ්ගනිස්තාන දේශසීමාවේ බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තාන දේශසීමාවේ බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තාන දේශසීමාවේ ගෝත්‍රික ප්‍රදේශයක පිහිටා තිබූ ඡන්ද පොළකට පෙරේදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ . ලබන මැයි 11දින පැවැත්වීමට නියමිත පාකිස්තාන් මහ මැතිවරණයත් සමඟ බැඳුන නවතම ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි .

උතුරු වසිරිස්තානයේ ප්‍රධාන නගරය වූ මිරන්ෂාහි දී පුපුරුවා හරින ලද මෙම බෝම්බයෙන් කිසිවෙකුත් මිය ගොස් නැතැයි වාර්තා වේ .මෙම ප්‍රදේශය තලෙයිබාන් සහ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයන්ට අයත් ත්‍රස්ත කල්ලිවල බලකොටුවක් ලෙස සැලකේ .ඊට පැය කිහිපයකට ඉහතදී අවාමි ජාතික පක්ෂයේ බහුතර ආධාරකරුවන් පිරිසක් සිටින පස්ටුන් හි ද බෝම්බයක් පුපුරුවා හැර තිබේ. එම ප්‍රහාරයෙන් 10 දෙනෙක් මිය ගොස් 17 දෙනෙක් තුවාල ලබා ඇත. ස්වාධීන අපේක්ෂකයෙක් වූ අක්වාල් කාන් ගේ පක්ෂ කාර්යාලයක් ඉදිරියේදී බෝම්බයක් පිපිරී ගොස් තිබේ .

මෙම පිපිරීම මධ්‍යම රාත්‍රියේ සිදුවූ නිසා කිසිවෙකුත් තුවාල ලබා නැත . එයින් අක්වාල් කාන් ගේ පක්ෂ කාර්යාලය සහ අසළ තිබූ සාප්පු කිහිපයක් විනාශ වී ඇත .

මැයි 11 දින පැවැත්වීමට නියමිත පාකිස්තාන් මහ මැතිවරණයට ඉදිරිපත් වන සියළුම දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ට සමාන ආරක්ෂාවක් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්තාන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා