උතුරු කොරියාවට සතුරු වීමේ චෝදනාවට අමෙරිකා පුරවැසියෙක් 15 වසරක් හිරේට

උතුරු කොරියාවට සතුරු වීමේ චෝදනාවට අමෙරිකා පුරවැසියෙක් 15 වසරක් හිරේට

උතුරු කොරියාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහි සතුරු ක්‍රියාවල නියැළීමේ වරදට අමෙරිකා පුරවැසියකුට 15 වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ බව එරට බලධාරිහු ඊයේ ප්‍රකාශ කළහ.ඔ වුන් මේ බව ප්‍රකාශ කළේ පසුගිය මාස කීපය තිස්සේ ම බටහිර රටවල් හා උතුරු කොරියව අතර පවත්නා නොසන්සුන් වාතාවරණය මැදය.

එරට ඊශාන දිග රාසන් නගරයට පිවිසෙමින් සිටියදී ඉකුත් නොවැම්බරයේදී අත්අඩංගුවට ගත් මේ අමෙරිකා පුරවැසියා කෙනත් බයේ නම් වන අතර කොරියාවේදී ඔහු පයේ ජුන් හෝ යන නම භාවිතා කර තිබිණ. උතුරු කොරියා පාලනය පෙරළීමට ප්‍රයත්න දරන ලද බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

ඔහු අමෙරිකා -කොරියා සංචාරක සේවා ක්‍රියාකාරිකයකු ලෙස හැඳින් වේ. අධිකරණයේදී ඔහු වරද පිළිගෙන ඇතැයි පැවැසේ.

එහෙත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොරියාවට වැඩිමනත් බාහිර ආධාර ලබා ගැනීමේ අටියෙන් දිළිඳු ළමයින් ගේ ඡායාරූප ලබා ගැනීම නිසා බව කොරියා ක්‍රියාකාරිකයකු පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා