ක්‍රීඩාව දියුණු කිරීමට ජනපතිගේ සහාය ප්‍රශංසනීයයි

ක්‍රීඩාව දියුණු කිරීමට ජනපතිගේ සහාය ප්‍රශංසනීයයි

 - කංචන ජයරත්න

දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉදිරියට ගෙනඒම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදෙන මඟපෙන්වීම ප්‍රශංසනීය බව, ශ්‍රී ලංකා ‍වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා අවධාරණය කරයි.

රත්නාලෝක මහා විද්‍යාලයේ 14න් පහළ බාලිකා වොලිබෝල් නායිකාව සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා අතින් ත්‍යාග සහ සහතිකපත් ලබාගත් අවස්ථාව.

'හොඳම දේ දරුවන්ට' යන සංකල්පය වඩාත් අර්ථවත් කරමින් ජනාධිපතිතුමා යටතේ ක්‍රීඩාව සඳහා අළුත් මානයක් ලැබී ඇතැයි ද කංචන ජයරත්න මහතා අවධාරණය කරයි.

ඩී.එස්.අයි. සමස්ත ලංකා වොලිබෝල් ශූරතාවලියේ 14න් පහළ බාලිකා තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගත්, රත්නපුර රත්නාලෝක මහා විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමට උපහාර පිදීම සඳහා පසුගියදා එම විද්‍යාලයේදී පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා සඳහන් කෙළේය.

අඩුපාඩුකම් යටතේ ක්‍රීඩා කරන රත්නපුර රත්නාලෝක මහා විද්‍යායේ 14න් පහළ බාලිකා වොලිබෝල් කණ්ඩායම, සමස්ත ලංකා කිරුළ හිමිකර ගැනීම සෙසු විද්‍යාලවලට ආදර්ශයක් බවද කංචන ජයරත්න මහතා සඳහන් කළේය. මේ උපහාර උළෙලේදී රත්නාලෝක මහා විද්‍යාලයේ 14න් පහළ වොලිබෝල් කණ්ඩාමේ පුහුණුකරු වන පුස්සැ‍ල්ලේ පඤ්ඤාලෝක හිමියන්ටද විශේෂ උපහාරයක් පිරිනැමීය.

එමෙන්ම ශූරතාව හිමිකරගත් කණ්ඩායමට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කළ අතර විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදි. මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී අනුර අලගියවන්න, විද්‍යාලයේ විදුහල්පති ඩබ්.නිමල් කරුණාසේන මහතා ඇතුළු විද්‍යාලයේ ගුරුවන්රුන්, පාසලේ සිසු දරුදැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා