මහනුවරට ජය

මහනුවරට ජය

අන්තර් සමාජ ඩයලොග් ලීග් පළමු කොටසේ රගර් තරගාවලියේ හම්බන්තොට ෂාක්ස් පිල සමග නිත්තවෙල දී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 48-6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය.

මහනුවර පිල ලබාගත් ලකුණු 48ට ගෝල් 4ක් හා උත්සාහක දිනුම් 4ක් ඇතුළත් වු අතර ෂාක්ස් පිල දඬුවම් පහර දෙකකින් ලකුණු 6 ලබාගත්තේය.

මහනුවර පිලේ අනුරාධ විල්වර විසින් උත්සාහක දිනුමක් ලබාගනිමින් තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර සමස්ත තරගයේදී ඔහු විසින් උත්සාහක දිනුම් 3ක් වාර්තා කළේය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 26-3ක් ලෙස මහනුවර පිල ඉදිරියෙන් පසුවිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා