ඔස්ට්‍රේලියාව ලකුණු 369ක් ඉදිරියෙන්

ඔස්ට්‍රේලියාව ලකුණු 369ක් ඉදිරියෙන්

පර්ත් හිදී පැවැත්වෙන තෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 235ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව එංගලන්තයට වඩා ලකුණු 369ක් ඉදිරියෙන් සිටීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටී.

ඊයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ඇරඹු ඩේවිඩ් වෝනර් හා ක්‍රිස් රොජර්ස් යුගලය පළමු කඩුල්ලට ලකුණු 157ක් එක් කළේය. බ්‍රේස්නන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 54ක් ලබාසිටි රොජර්ස් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි. ඩේවිඩ් වෝනර් ලකුණු 112ක් රැස් කළේය.

දිනය නිමාවනවිට ෂෙන් වොට්සන් ලකුණු 29ක් හා ස්ටීව් ස්මිත් ලකුණු 5 ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. ඊයේ දිනය ආරම්භ වනවිට පළමු ඉනිම සඳහා එංගලන්ත පිල කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස්කරගෙන සිටි අතර ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ තවත් ලකුණු 71ක් එක්වෙද්දී ඉතිරි කඩුලු 6 බිඳ වැටිණි.  එංගලන්ත පළමු ඉනිම නිමාවුයේ ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 134ක් පිටුපසනි. ස්ටීව් ස්මිත් වාර්තා කළ ලකුණු 111ත් සමගින් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 385ක් රැස්කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා