ලසිත්ගෙන් විශිෂ්ට පිති හරඹයක්

ලසිත්ගෙන් විශිෂ්ට පිති හරඹයක්

දකුණත් පිතිකරු ලසිත් ලක්ෂාන්ගේ විශිෂ්ට පිති හරඹයත්, හෂාන් විමර්ශන හා ඩිලුම් ක්‍රිෂාන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් තක්ෂිලා මධ්‍ය මහා විදුහලට එරෙහිව ඉනිමක හා ලකුණු 127ක ජයක් හිමිකර ගැනීමට මාතර සාන්ත තෝමස් විදුහල සමත්විය.

මාතර උයන්වත්ත පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් තක්ෂිලා විදුහල පළමු ඉනිමට ලකුණු 124ක් රැස් කළේය. හෂාන් විමර්ෂන ලකුණු 22ක‍ට කඩුලු 4ක් හා දිලුම් ක්‍රිෂාන් ලකුණු 38කට කඩුලු 4ක් දවාගත්හ.

පිළිතුරු ලෙස තෝමස් පිල පළමු ඉනිමේදී කඩුලු 6කට ලකුණු 314ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීය. ලසිත් ලක්ෂාන් පන්දු 212කට මුහුණ දෙමින් ලකුණු 180ක් වාර්තා කළේය. ඊට හතරේ පහර 17ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. ලසිත් මෙවර තරගවාරයේ වාර්තා කළ තෙවැනි ශතකය ලෙසින් මෙය සටහන් විය.

ලසිත් සමග එක්වු හෂාන් විමර්ෂන සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 95ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. පන්දු යැවීමේදී ධනුෂ්ක ප්‍රභාත් ලකුණු 79කට කඩුලු 4ක් දවාගත්තේය. තක්ෂිලා පිලට දෙවැනි ඉනිමට ලබාගත හැකිවුයේ ලකුණු 63ක් පමණි. ඩිලුම් ක්‍රිෂාන් හා හෂාන් විමර්ශන කඩුලු 5 බැගින් දවාගත්හ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා