‍බ්‍රිතාන්‍ය පාලන සමයේ ලක් ජනතාවගේ මානව හිමිකම් කඩකර ඇතැයි ජාත්‍යන්තර අධිකරණයට පැමිණිල්ලක්

‍බ්‍රිතාන්‍ය පාලන සමයේ ලක් ජනතාවගේ මානව හිමිකම් කඩකර ඇතැයි ජාත්‍යන්තර අධිකරණයට පැමිණිල්ලක්

 ධර්මපාල පරපුර තීරණය කරයි

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ලක් වැසියන්ගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීමට 'ධර්මපාල පරපුර ' තීරණය කරයි.

නුදුරු දිනයකදී ඊට අදාළව මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමට කාර්යාලයක් පිහිටුවනු ලබන බවද එම සංවිධානය කියා සිටී.

රටේ වීරයින් රාජද්‍රෝහීන් ලෙස නම් කොට ඔවුන් ඝාතනය කිරීම , සිරගත කිරීම , රටින් පිටුවහල් කිරීම , ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීම ආදී ක්‍රියාමාර්ගයන් බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිදු වූ ඛේදවාචක බව සඳහන් කරන ධර්මපාල පරපුර එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා උඩරට කැරැල්ලෙන් පසු රාජද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ ජාතික වීරයින්ව එම චෝදනා වලින් නිදහස් කර ජාතික වීරයින් ලෙස නම් කිරීමට තීරණය කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයාට ස්තුතිය පිරිණමන බවද එම සංවිධානය පවසයි.

එදා බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට සිදු කළ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයකි. වෙල්ලස්සේ කැරැල්ල මර්ධනය කිරීම සඳහා මෙරට වැසියන්ගේ ගේ දොර , හරක බාන , සරුසාර කෙත් වතු වනසමින් තරුණයින් සියලු දෙනා ඝාතනය කරමින් කටයුතු කළ අන්දම විවිධ ලේඛනවලින් හෙළි දරව් වෙයි.

එහෙත් බ්‍රිතාන්‍යයන් මෙරට සිදු කළ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් හෝ සමාව ගැනීමක් මෙතෙක් සිදුවී නොමැත. එම නිසා බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට ජනතාවට සිදු වූ අසාධාරණකම් සහ ඔවුන් කෲර වද හිංසනයන්ට ලක් කිරීම පිළිබඳ අධ්‍යනයක් කිරීමට ධර්මපාල පරපුර නීතිඥ මණ්ඩලය මගින් කටයුතු කරගෙනු යනු ලැබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා