එල්ටීටීඊයට පණ දෙන්න හැදු ගෝබීගේ මව ඇතුළු 15ක් නිදහස්

එල්ටීටීඊයට පණ දෙන්න හැදු ගෝබීගේ මව ඇතුළු 15ක් නිදහස්

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම හා කොටි සමාජිකයෙකු වු ගෝබි නැමැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් ත්‍රස්ත ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු ගෝබී නැමැත්තාගේ මව ඇතුළු ද්‍රවිඩ පුද්ගලයන් 15දෙනකු නිදහස් කරන ලෙස කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් බී.කේ.සී පෙරේරා මහතා ඊයේ (17) නියම කෙළේය.

අත්අඩංගුවට ගනු ලැබු මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහුන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට තොරුතුරු අනාවරණය නොවන බැවින් සැකකරුවන් 15දෙනා මුදාහරින ලෙසට කොළඹ ත්‍රස්ත ඒකකය අධිකරණයෙන් කරනු ලැබු ඉල්ලීම සළකා මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය කෙළේය.

විදේශගතව සිට මෙරටට පැමිණ ඇති එල්ටීටීඊ ත්‍රස්තවාදි සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයකු වන කජීපන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් ගෝබී විසින්මේරටේ නැවත එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමට කටයුතු කරන බවත් ඊට ස්විස්ටර්ලන්තයේ සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකරුවකු වන කුහන් සහා පරමනාදන් යාදවන් නොහොත් සන්තෝෂන් මාස්ටර් නමැත්තා මූලිකත්වය ගෙන ක්‍රියාකරන බවට අධිකරණයට දන්වා තිබිණ.

මේ ක්‍රියාකාරකම් මෙහෙයවන ප්‍රබල කොටි සමාජිකයා වන ගෝබී නමැත්තා ඉකුත් 12 වන දින හමුදා මෙහෙයුමක දි මරණයට පත් වු බව පවසන පොලිසිය ඔහු භාවිත කරනු ලැබු දුරකථන අංක සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කොට අංක56/2 කොට්ටේඅඩි, විශ්වමඩු ලිපිනයේ පදිංචි රවින්ද්‍රන් මදිනි නමැත්තිය ඉකුත් 11 වැනි දින අත්අඩංගුවට ගත් අතර ඇයගේ ප්‍රකාශ මත ඉඩමේ වළ දමා තිබු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ජංගම දුරකථන පහක් ,‍ බෝම්බ ඇති ස්ථාන හඳුනා ගන්නා යන්ත්‍ර, ආර්.පී.ජී ජීව උණ්ඩ දෙකක්, මෝටාර් ජීව උණ්ඩ තුනක්, තමිලන් ගුණ්ඩු වර්ගයේ අත්බෝම්බ තුනක්, පැති බෝම්බ එකක්, ටී.56 ජිව උණ්ඩ 375, පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මේ නඩු භාණ්ඩ විශේෂ කාර්යය බළකායේ නිලධාරින් ලවා නිශ්ක්‍රිය කරවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කෙරිණි.

මේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් වන එලාලේ උතුර, එලාලේ, චුන්නාගම් පදිංචි සුන්දරලිංගම් අගිලන්, නො 339, ජෙයන්ති නගර් පදිංචි තම්බයියා කනගලිංගම් බවානන්දන් නොහොත් ආනන්දන්, නො 395, ජෙයන්ති නගර්, පදිංචි පුබාලසිංහම් නිශාන්තන්, නො 28/04 වැල්ලවත්ත පදංචි කිරුබාරත්නම් පරමගුරුනාදන්, අංක 1106 පාලතුර් ත්‍රිකුණාමලය පදිංචි කජිබන් ෂර්මිලා මුලතිව් පදිංචි අගස්තියන් ජෙස්ටින් ප්‍රබාකරන් නොහොත් සුමන් සැකකරුවන් අත්අඩංගුවට අධිකරණ නියෝග මත කොළඹ ත්‍රස්ත විමර්ශන විමර්ශන ඒකකයේ රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර පරික්ෂණ මෙහෙය වන බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණි.

මේ සැකකරුවන්ට අමතරව අත්අඩංගුවට ගනු ලැබු ගෝබීගේ මව වන බාලෙන්ද්‍රන් ජෙයකුමාර් නැමැත්තිය ඉකුත් 13 අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ත්‍රස්ත ඒකකයේ රඳවා මෙසේ ප්‍රශ්න කිරිමෙන් අනතුරුව කිසිඳු කරුණක් අනාවරණය නොවිම හේතුවෙන් ඇය ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු අධිකරණය මඟින් මුදා හැරිණ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා