මරණ දැන්වීම්

 

 

 

 

දයානන්ද කරන්නාගොඩ මහතා - (සත්ත්ව සංවර්ධන උපදේශක - පශු වෛද්‍ය කාර්යාලය මතුගම) චම්පිකා සෙව්වන්දි යන අයගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, බිහාෂ් කරන්නාගොඩ (ශිෂ්‍ය, ඩී. එස්. සේනානායක විදුහල, කොළඹ 07) යන අයගේ දයාබර පියාණන් වූද, ධනපාල කරන්නාගොඩ (අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විශ්‍රාමික) පියදාස කරන්නාගොඩ (මිනින්දෝරු - විශ්‍රාමික) නන්දා කරන්නාගොඩ - ගිල්බට් කරන්නාගොඩ (සෞඛ්‍ය දෙපාර්තමේන්තුව - විශ්‍රාමික) ජිනදාස කරන්නාගොඩ (ව්‍යාපාරික) ප්‍රේමදාස කරන්නාගොඩ (සත්ත්ව සංවර්ධන උපදේශක - විශ්‍රාමික) ප්‍රේමා කරන්නාගොඩ (අධ්‍යාපන - විශ්‍රාමික) චන්ද්‍රා කරන්නාගොඩ (පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී - මතුගම) කුසුමා කරන්නාගොඩ යන අයවළුන්ගේ බාලම සොයුරු දයානන්ද කරන්නාගොඩ (සත්ත්ව සංවර්ධන නිලධාරී - පශු වෛද්‍ය කාර්යාලය මතුගම) හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 18 වැනි සිකුරාදා පස්වරු 3.00 ට දොඩංගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 04, වෙනිවැල්කැටිය පාර, ගංඉම, දොඩංගොඩ.

 

දොන් පියසේන වැලිකල - සාම විනිසුරු (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී අංගොඩ මානසික රෝහල) නැසීගිය මල්ලිකා වැලිකල මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, පුෂ්පලතා, බන්දුමාලි, රත්නාවලී, ධම්මිකා යන අයගේ දයාබර පියාණන් වූද, රංජිත් සමරසිංහ, නැසීගිය ධර්මන් ජයසිංහ, මහින්දසෝම හෙට්ටිගමගේ අනුර කුලසේකර යන අයගේ මාමණ්ඩිය වූද සාම විනිසුරු දොන් පියසේන වැලිකල මහතා අභාවප්‍රාප්ත වූහ. අවසන් ගෞරව කටයුතු 2014 අප්‍රේල් 19 වන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සවස සිදුකරනු ලැබේ. පාදිලියාවත්ත, පැලහැල, දොම්පේ. 0112535053.

පිළියන්දල නිව් සිටි ස්ටෝර්ස් හි අධිපති අයි. ඒ. ගුණපාල මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු වර්ෂ 2014 ක් වූ අප්‍රේල් මස 19 වන සෙනසුරාදා දින ප.ව. 6.00 ට තුම්බෝවිල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව සංවේගයෙන් යුතුව දැනුම් දෙන්නේ ශෝකයට පත් බිරිඳ ශාන්ති ප්‍රියලතා මහත්මිය, දියණිය චන්දිමා නිරෝෂණී, වැඩිමහල් පුතු ගයාන් භාග්‍ය සහ බාල පුතු සචිත්‍ර සංකල්ප. නො 36, සරණපාල මාවත, පිළියන්දල. දුරකථන 0112619732.

ප්‍රේමචන්ද්‍ර මාකාවිට මහතා - ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ලීලා මාකාවිටගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, දිමුතු (සිංගප්පූරුව) උදිතා (බිෂොප්ස් විද්‍යාලය) යන අයගේ ආදරණීය පියාණන් වූද, නලීන් (ලියොන්ස් හෝල්ඩිංග්ස්) නර්මදා (සිංගප්පූරුව) යන අයගේ ආදරණිය මාමණ්ඩිය වූද, දම්සරා, දෙව්මි ඉමෙත් යන අයගේ ආදරණීය සීයා වූද, හැරී මාකාවිටගේ සහෝදරයා වූද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්‍රාමික ප්‍රේමචන්ද්‍ර මාකාවිට මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු 19 වන සෙනසුරාදා සවස 3.00 ට තුම්බෝවිල පොදු සුසාන භූමියේදී සිදු කරන බව මෙයින් දැනුම් දෙමු. 6/1, ගඟබඩ පාර, වෑවල, පිළියන්දල.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා