කන්තලේ සංවර්ධන ව්‍යාපෘතිවලට රුපියල් කෝටි 8ක් වෙන් කරයි

කන්තලේ සංවර්ධන ව්‍යාපෘතිවලට රුපියල් කෝටි 8ක් වෙන් කරයි

කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් අටකෝටි හැට නව ලක්ෂ පනස්දහසක් වෙන්කොට ඇතැයි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කේ.පී.ප්‍රේමදාස මහතා පැවැසීය.

මේ අනුව ගම නැඟුම වැඩ සටහන යටතේ එක ගමකට එක වැඩක් ව්‍යාපෘති 35ක් සඳහා රුපියල් 23,000,000 ක් , විමධ්‍ය ගත අරමුදල් යටතේ ව්‍යාපෘතින් 35කට රුපියල් 3,065,000 ක්, විශේෂ ව්‍යාපෘති ( පාසල් ) 20ක් සඳහා රුපියල් 1,725,000 ක් , වෙනත් විශේෂ ව්‍යාපෘති 62ක් සඳහා 35,345,000 ක්, ගම නැඟුම විශේෂ ව්‍යාපෘතින්ට රුපියල් 23,820,000 ක්ද මෙසේ වෙන්කොට ති‍බේ.

විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය පාසල් ගොඩනැඟිලි , පොදු වගා ළිං , ග්‍රමීය මාර්ග ග්‍රෙවෙල් යොදා සකස් කිරීම , පාලම් , බෝක්කු, පාසල් කම්බි වැට , ක්‍රීඩා පිටි , ඇතුළු යටිතල පහසුකම් මේ මුදල් වලින් සිදුවන සංවර්ධන කර්යයන් අතර වේ . මීට අමතරව අවශ්‍ය ස්ථානයන්හි වීදි ලාම්පු සවි කිරීම සහ පෙර පාසල් සංවර්ධනයද මීට ඇතුළත් වනු ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා