ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ප්‍රාෙයා්ගික ක්‍රියාකාරකම්

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්

අධ්‍යාපනයට ප්‍රායෝගික ක්‍රියාකාරකම් අත්‍යවශ්‍යම දෙයකි. එය මනාව පිළිඹිඹු කරමින් පැවැති අපූරු අධ්‍යපන ප්‍රදර්ශනයක් පසුගිය දා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී පැවැත් විණි.

පොත පතේ සදහන් සියලු න්‍යායාත්මක කරුණු අපුරුවට ගලපා ප්‍රදර්ශන භාණ්ඩ ලෙස සැකසීමට සංඝමිත් දැරියන් දක්ෂ වී තිබුණි.

මේ ප්‍රදර්ශනයට ඇතුළු වන සියලුම ළමයින්ට ප්‍රදර්ශනයේ ඇති ප්‍රදර්ශන භාණ්ඩ නරඹා පිළිතුරු සැපයිය හැකි පොත් පිංචක් ලබා දී තිබූ අතර අදාළ ප්‍රදර්ශන භාණ්ඩ පිහිටි ස්ථානයට ගොස් එය ප්‍රායෝගිකව අත්විඳ දරුවන් ඒ සඳහා පිළිතුරු ලිවීම දැක ගත හැකි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පති චාන්දනී උඩකුඹුර මහත්මිය පවසා සිටියේ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන දරු පරපුරක් සිටින වර්තමානයේ දී පොත පතෙන් පමණක් දරුවන් සෑහීමකට පත් නොවන බවත් අධ්‍යාපනයට අත්‍යවශ්‍යම ප්‍රායෝගික ක්‍රියාකාරම් සමඟින් දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සදහා මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කර බවයි.

දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු මේ ප්‍රදර්ශනය නැරඹීම සදහා අවට පාසල් වල සිසු සිසුවියන් ද වැල නොකැඩී එම දින දෙක පුරාවට සංඝමිත්තා විද්‍යාලයට පැමිණියහ.

ඡායාරූප - ඉමදූව සමූහ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා