විශ්‍රාමික ගුරුවරියකගෙන් අසරණ දරු පවුලකට නිවෙසක්

විශ්‍රාමික ගුරුවරියකගෙන් අසරණ දරු පවුලකට නිවෙසක්

තම තමන්ට අයිති හා නැති සියලු දේ පොදි බැඳ ගන්නා යුගයක තම දේපලවලින් කොටසක් විකුණා අසරණ දරු පවුලකට අංග සම්පුර්ණ නිවෙසක් ඉදි කර දීමට කොළඹ කිරිබත්ගොඩ විශ්‍රාමික ගුරුවරියක වූ එන්.එච් රූපසිංහ මහත්මිය කටයුතු කළාය.

ඒ තම පුතු හා හිමියාට පින් පිණිසයි. කලකට පෙර සිය ස්වාමියා මිය ගියේය. ඇගේ පුතු ද හදිසියේ මියගියේය. ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබු යු.ජී.එම් මදුරංගයි.මේ දෙදෙනාට පින් පතා මේ සද්කාර්යය සිදු කරන්නට මේ මාතාව සමත් වුවාය.

ගාල්ල කැකිරිවෙල , මානම්පිටිය, තල්ගස්වල ගමේ අඩුආදායම්ලාභී පවුලක් වූ පී.කේ ධර්මසේන මහතාගේ පවුලට මේ නිවෙස ඉදි කර දී තිබේ. ඒ සඳහා වැය වු මුදල රුපියල් ලක්ෂ 15කට ආසන්න වේ. මේකටයුත්ත සම්බන්ධිකරණය කරනු ලැබුවේ කොළඹ අලූත්කඬේ උසාවියේ සේවයේ නියුතු නීතීඥ අජිත්ලාල් මහතාය. ඒ මහතාගේ අජත් ලාල් පදනමද මේ සත් කටයුත්තට සහයෝගය ශක්තිය ලබා දෙනු ලැබීය. එම පදනමේ ප්‍රසාද් මංජුල, දුමිද චාමර, අජිත් වසන්ත යන පිරිසද, මේ සඳහා සහයෝගය කැප වීම ලබාදෙනු ලැබීය.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධියා වූයේ නියාගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදිප් රසික කුමාර මහතාය. පී.කේ ධර්මසේන මහතාගේ දරුවන් දෙදෙනෙක් ආධාධිත ය. එක් දැරියක අධ්‍යාපනයට දක්ෂ වුවාය.ඔවුනගේ සිහිනයක් වු නිවස සකස් කර දීමෙන් මේ අහිංසක කැදැල්ලට ආලෝකයක් ලබා දෙන්නට මේ ඇත්තනට හැකි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා