පාසල් ගුරුවරුන්ට පුහුණු වැඩසටහන්

පාසල් ගුරුවරුන්ට පුහුණු වැඩසටහන්

පාසල් පද්ධතියේ සේවයේ නියුතු ගුරු භවතුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තේමා දොළහක් යටතේ දීපව්‍යාප්ත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

මේ පුහුණු වැඩසටහන් ගුරු මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක කෙරෙන අතර කාර්යමූල පර්යේෂණ, ඵලදායී සන්නිවේදන නිපුණතා, ශිෂ්‍ය ආතතිය අවම කිරීම -මනෝසමාජයීය මැදිහත්වීම, උපදේශනය හා මාරුගෝපදේශනය, ප්‍රාථමික සිසුන්ට සෞන්දර්ය හා ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා ගුරුවරුන් බලවත් කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද-බහුවිධ බුද්ධි න්‍යාය සහ ශිෂ්‍ය කුසලතා වර්ධනය, අගැයීම් ක්‍රමවේද-සාධන පරීක්ෂණය, නවක උපාධිධාරීන් සංවර්ධනය, ජාතික දෙවැනි භාෂා (සිංහල/දෙමළ) කුසලතා සංවර්ධනය, ගුරු කාර්ය සාර්ථකත්වය සඳහා සැලසුම්කරණය-පන්ති කාමර කළමනාකරණය, පළමු ප්‍රධාන අවධිය ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි, අධ්‍යපන තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ නිපුනතාවය හා ගුරු වෘත්තිකභාවය හා ආචාරධර්ම යන මාතෘකා යටතේ මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා