බැංකුවල මුදල් ගාල් කළ ධන කුවේරයින් එළියට

බැංකුවල මුදල් ගාල් කළ ධන කුවේරයින් එළියට

[2014-10-30 13:30]

විදේශීය බැංකුවල අනවසරයෙන් මුදල් සැඟවූ බවට චෝදනා ලබන 627 කගේ නම් ලැයිස්තුවක් ඉන්දීය ආණුඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

ඉන්දීය ධන කුවේරයන් බදුවලින් බේරීමේ උපායක් වශයෙන් රුපියල් කෝටි පනස් දහසක් පමණ විදේශීය බැංකුවල තැන්පත් කර ඇතැයි සොයා ගෙන තිබේ.

එකී ලැයිස්තුවට ඇතුළත් පුදුගලයන්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ඉන්දියානු සමාජය තුළ දැඩි කළකිරීමක් හා කෝපයක් පළවෙමින් තිබේ.

මොරිසස්, ස්විස් සහ බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් වැනි රටවල ඇති බැංකුවල මෙලෙස මුදල් තැන්පත් තිබෙන බව සොයාගෙන ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා