ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙවැනි පදවිප්‍රාප්තිය සමරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙවැනි පදවිප්‍රාප්තිය සමරයි

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සිකුරාදා සිය පදවිප්‍රාප්තියේ දෙවන සංවත්සරය සැමරීය. එම අවස්ථාවේදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ පාප් වහන්සේ පවසා ඇත්තේ තමා වතිකානයේ එම ධූරයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නේ තව වසර දෙක තුනක කාලයකට බවයි.

78 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමා මේ අදහස් පළ කර තිබුණේ මෙක්සිකෝවේ ටෙලිවිසා නාලිකාව සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.

දෙවියන් වහන්සේ කිසිදු දිනක නොසිතූ ආකාරයට මෙම අතිඋතුම් පූජාසනය හෙබවීමට තමා පත්කර ඇත්තේ කෙටි කාලයකට බව තමා විශ්වාස කරන බව උන්වහන්සේ ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ලතින් ඇමෙරිකන් සම්භවයකින් යුත් මුල්ම පාප්වහන්සේ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නියමිත කාලය නිමාවීමට පෙර සිය ධුරයෙන් ඉවත් වූ කලින් සිටි 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේව තමන්ද අනුගමනය කරන බව කලිනුත් පවසා තිබිණි. ශත වර්ෂ හතකින් අනතුරුව සිය ධුරයෙන් කලින් ඉවත් වූ ප්‍රථම පාප් වහන්සේ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේයි.

වතිකානයෙන් ඉවත් වී ගිය පසුව කිසිවකුගේ අවධානයට යොමු නොවී පීසා ආහාර වේලක් ගැනීමට තමා ආසාකරන බව ද උන්වහන්සේ පැවසූ බව වාර්තා වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා