කිරි ගම්මාන 70ක් පිහිටුවයි

කිරි ගම්මාන 70ක් පිහිටුවයි

උතුරේ අවතැන් වූ ජනතාව නඟා සිටුවීමේ අරමුණෙන් රජය කි‍්‍රයාත්මක කරන උතුරු වසන්තය වැඩ සටහනට සමගාමීව උතුරේ කිරි ගම්මාන 70 ක් ඇති කිරීමට කටයුතු යොදන බව, පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය.

යාපනයේ දහයක්ද, මන්නාරමේ දහයක්ද, වවුනියාවේ පහළොවක්ද, කිලිනොච්චි හි පහළොවක්ද, මුලතිව්හි පහළොවක්ද ආදී වශයෙන් එම කිරි ගම්මාන ස්ථාපිත කරන බව ඇමැතිවරයා සඳහන් කෙළේය.

එම වැඩසටහනට සමගාමීව අවතැන්වූ ගවයින් ගාල් කිරීම, අලුතින් පශු වෛද්‍ය කාර්යාල පිහිටුවීම, පශු විමර්ශන මධ්‍යස්ථාන පිහිටුවීම, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම, පශු සම්පත් ක්ෂේත‍්‍රයට අදාළ සියලු අංශයන් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

ගව පාලනයට අමතරව කුකුල් ගොවිපළ, එළු ගොවිපළ, ඌරු ගොවිපළ ආදී අනෙකුත් ක්ෂේත‍්‍රයන් කෙරෙහිද ජනතාවගේ උනන්දුව ඇති කිරීමට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බවද ඇමැතිවරයා කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා