බස්නාහිර මාර්ග 18ක ගාස්තු සංශෝධනය කෙරේ

බස්නාහිර මාර්ග 18ක ගාස්තු සංශෝධනය කෙරේ

බස්නාහිර පළාතේ ලංගම හා පුද්ගලික බස් ගාස්තු විසමතා ඉවත් කිරීමේ දී අඩුපාඩු ඇතිවූ මාර්ග 18ක ගාස්තු බස්නාහිර මාර්ගස්ථ මඟී ප‍්‍රවාහන අධිකාරිය මගින් නැවත සංශෝධනය කර තිබේ.

ගාස්තු විසමතා පිළිබඳව බස් හිමියන් හා මගී ජනතාව කළ පැමිණිලි සලකා බැලීම සඳහා ජාතික ගමනා ගමන කොමිසන් සභාව කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ නිර්දේශ අනුව මෙම මාර්ගයන්හි ගාස්තු සංශෝධනය කර තිබේ.

නව සංශෝධිත ගාස්තු මාර්ග අංක 983 කිරිබත්ගොඩ - වත්තල රුපියල් 14 ක්ද, 181 - 1 ගම්පහ - ගොරකදෙනිය රුපියල් 22 ක්ද, මාර්ග අංක 218 - 1 පිටකොටුව - පරකන්දෙනිය රුපියල් 31 ක්ද, 472 - 3 බේරුවල - සිංහගම රුපියල් 14 ක්ද, මාර්ග අංක 698 හෝමාගම - කඩුවෙල රුපියල් 29 ක්ද, අංක 689 නුගේගොඩ - කුඩාදෙණිය රුපියල් 19 ක්ද, අංක 119 නුගේගොඩ - මහරගම රුපියල් 11 ක්ද, අංක 157 - 2 පිළියන්දල - ගැටඹුවාන රුපියල් 6 ක්ද, අංක 457 පාණදුර - හිරණ රුපියල් 11 ක්ද, අංක 341 - 1 මහරගම - කටුවාවල රුපියල් 9 ක්ද, අංක 201 - 3 ගම්පහ - යක්කල රුපියල් 9 ක්ද, අංක 697 හෝමාගම - කඩුවෙල රුපියල් 9 ක්ද, අංක 697 හෝමාගම - කඩුවෙල රුපියල් 25 ක්ද අංක 282 හොරණ - පාදුක්ක රුපියල් 29 ක්ද, අංක 261 මහර හන්දිය - පිටකොටුව රුපියල් 24 ක්ද අංක 218 කඩවත - ගණේමුල්ල රුපියල් 19 ක්ද, අංක 245 මීගමුව - මිනුවන්ගොඩ රුපියල් 25 ක්ද, අංක 153 - 3 පිළියන්දල කහපොල රුපියල් 14 ක් හා අංක 472 - 2 අළුත්ගම - තලවිල රුපියල් 14 ක්ද වෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා