ගමට ලයිට් දෙන්න ඉරානයෙන් රු. කෝටි 106ක්

ගමට ලයිට් දෙන්න ඉරානයෙන් රු. කෝටි 106ක්

ග‍්‍රාමීය විදුලිබල සැපයුම පුළුල් කිරීම සඳහා ඉරාන රජය මගින් රුපියල් කෝටි 106 ක මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා දී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත ලැබුණු මේ ණය මුදල මගින් දුෂ්කර ගම්මාන 1000ක් ආවරණය කරමින් විදුලි පාරිභෝගිකයින් 180,000කට නව සබඳතා ලබාදීමට හැකිවන බව විදුලි බල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවැසීය.

අදාළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ ගිවිසුම් අත්සන් කිරීම විදුලිබල අමාත්‍යංශයේදී ඉකුත්දා සිදු කෙරිණි. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. සී. ප‍්‍රදිනාන්දු ඉරාන රජයේ සුනීර් විදුලි සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ රීසා  Reza ඉරාන රජයේ තානාපති රෝහින් ගොජි Rahini gorji ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඊ. ඒ. එස්. කේ. එදිරිසිංහ මහත්වරුන් අත්සන් කළහ.

මෙම විදුලි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් KV/ LT 100 K N A එළිමහන් උපපොළ 1000ක් ඉදිකිරීමට නියමිත අතර, තෙකලා අඩු වෝල්ටීයතා කිලෝමීටර් 4000ක් දක්වා සංවර්ධනය කෙරේ.

ශී‍්‍ර ලංකාවේ විදුලිබල සැපයුම 82% මට්ටමක පවතින අතර මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය යටතේ 100% දක්වා ජනතාවට විදුලිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව ඉරාණ ණය ආධාර ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා