කොත්මලේ මහවැලි මහ සෑයේ වැඩ නිමකිරීමට මහජන ආධාර පතයි

කොත්මලේ මහවැලි මහ සෑයේ වැඩ නිමකිරීමට මහජන ආධාර පතයි

කොත්මලේ ජලාශය අභියස 1983 වසරේ මහවැලි සෑයේ ඉදිකිරීම් අරැඹිණි.

1992 වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමූ අතර 2000 වසරේදී පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කර ඇත. දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් මිලියන හැටපහකි.

එම මුදල් රැස්කර ගැනීම සඳහා මහජන දායකත්වය බලාපොරොත්තු වේ. පෞද්ගලික හෝ කණ්ඩායම් වශයෙන් දේශීය - විදේශීය වශයෙන් දායකත්වය ලබා දීම සඳහා පහත සඳහන් ගිණුම් අංක හා වෙබ් අඩවි විවෘතව ඇත.

002327570 - ලංකා බැංකුව, හයිඩ් පාක් ශාඛාව - කොළඹ10, www.mahaweli.gov.lk   තව ද අංක 96, ආනන්ද කුමාරස්වාමි මාවතේ කොළඹ 07 පිහිටි මහවැලි සෑ ව්‍යාපෘති කාර්යාල වෙත මුදල් බාර දිය හැකිය. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112665650, 0112665554 ඇමැතිය හැකිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා