අපට එරෙහි පරීක්ෂණවලින් බේරා ගන්න

අපට එරෙහි පරීක්ෂණවලින් බේරා ගන්න

කොටි හිතවාදී මාධ්‍යවේදියෝ එ.ජා. සංවිධානයෙන් ඉල්ලති

කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් වැටුප් ලබාගත් මාධ්‍යවේදී ලයිස්තුවේ කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් යවමින් ඔවුන්ට එරෙහි පරීක්ෂණවලින් බේරාගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රධානියෙක් ඊට මුල්වී ඇත. තවත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් එම ඉල්ලීම් කිරීම පිණිස තානාපති කාර්යාලවලටද ගොස් ඇති බව වාර්තා වී ඇත.

කොටින්ගෙන් වැටුප් ලබාගත් 51 දෙනෙක් එම ලැයිස්තුවේ සිටින බව පැවසේ. රජයේ ඉහළ නිලධාරීන් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර සහනය ලබා ගැනීමට එම මාධ්‍ය කණ්ඩායමක් උත්සහා කර ඇතත් එය නිශ්ඵල වී ඇත.

එම කණ්ඩායම විපක්ෂයේ මන්තී‍්‍රවරු හමුවී මේ පිළිබඳව කතා කර ඇති බවටද ඔත්තු සේවා තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා