කුරුණෑගල කෝටිපතිනිය ඝාතනය: සැකකාර යුවළ රිමාන්ඩ්

කුරුණෑගල කෝටිපතිනිය ඝාතනය:

සැකකාර යුවළ රිමාන්ඩ්

කුරුණෑගල කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් වන මල්ලිකා යටවර මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මෙහෙකාර යුවළ ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකැර ඇත.

ප‍්‍රධාන සැකකරු රාගමදී අත්අඩංගුවට ගත් අතර, සැකකාර කාන්තාව ජා–ඇළදී අත්අඩංගුවට ගනු ලැබිණි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පැහැරගත් භාණ්ඩ හා මුදල්ද ළඟ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එම්. පී. හේරත්, සැරයන් රාජපක්ෂ, විජිත බණ්ඩාර, දිසානායක, කොස්තාපල් ප‍්‍රභාත් නන්දන මහත්වරු සමඟ කුරුණෑගල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා