තේ අපනයන සමාගම්වලට දැඩි කොන්දේසි

තේ අපනයන සමාගම්වලට දැඩි කොන්දේසි

ශී‍්‍ර ලංකා තේ අපනයනය කරන සමාගම් සඳහා දැඩි කොන්දේසි පැනවීමට ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය පියවර ගෙන ඇත.

ඇතැම් බහු ජාතික සමාගම් ලෝක වෙළෙඳපොළේ ඉහළ මිලක් පවතින ශී‍්‍ර ලංකා තේ වලට වෙනත් රටවල තේ මිශ‍්‍ර කර “සිලෝන් ටී” නාමය යටතේ අලෙවි කිරීමට කටයුතු කරන නිසා ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය මේ තීරණය ගෙන තිබේ.

ශී‍්‍ර ලංකා තේ වලට වෙනත් තේ මිශ‍්‍ර කර “ සිලෝන් ටී” නමින් අපනයනය කිරීමට හෝ අලෙවි කිරීමට ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය අවසර ලබා දී නැත.

මේ නිසා වෙනත් රටවල තේ ප‍්‍රභේදවලට මෙරට තේ මිශ‍්‍ර කර ප‍්‍රති අපනයනය කරන ඕනෑම අසුරණයක “ශී‍්‍ර ලංකාවේ දී අසුරන ලද ශී‍්‍ර ලංකාවේ හා වෙනත් රටවල නිෂ්පාදිත තේ” යනුවෙන් සඳහන් කර තිබීම අනිවාර්ය කිරීමට ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය තීරණය කර තිබේ.

මේ වන විට ලෝක ප‍්‍රජාව බහු ප‍්‍රභේද තේ පානයට ඇබ්බැහි වී ඇති බැවින් අන්තර්ජාතික වෙළෙඳපොළට අවශ්‍ය තේ සැපයීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වැවිලි කර්මාන්ත ඇමැති දි. මු. ජයරත්න මහතා පවසයි.

මේ නිසා තේ ප‍්‍රති අපනයනය තවදුරටත් පුළුල්ව පවත්වා ගෙන යාමට රජය තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය යටතේ 2008 වසරේ ආනයනික තේ ප‍්‍රමාණය කිලෝ මිලියන 15 කට ආසන්න බවත් ප‍්‍රති අපනයනය කළ ප‍්‍රමාණය කිලෝ මිලියන 21 ට ආසන්න බවත් තේ මණ්ඩලය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා