ජෝර්ජ් මාස්ටර්ගෙන් අධිකරණයට පැය තුනක පාපොච්චාරණයක්

ජෝර්ජ් මාස්ටර්ගෙන් අධිකරණයට පැය තුනක පාපොච්චාරණයක්

එල්. ටී. ටී. ඊ. යේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් සමග හමුදාවට බාර වූ බෙටිටිවේලු පන්චරත්නම් හෙවත් ජෝර්ජ් මාස්ටර් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග තිබූ ඔහුගේ සබඳකම් පිළිබඳව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා වෙත පාපොච්චාරණයක් කෙළේය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග තිබූ සබඳතා හෙළි දරව් කිරීම සඳහා තමාට පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය බවට සැකකරු ජෝර්ජ් මාස්ටර් රහස් පොලිසියේ නිලධාරීන්ට කළ දැනුම්දීම මත නිලධාරීන් අධිකරණයට දැනුම්දීමෙන් පසු පාපොච්චාරණයක් කිරීම සඳහා සැකකාර ජෝර්ජ් මාස්ටර් ඊයේ (12) අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

ඔහු පැය තුනක පමණ කාලයක් සිය පාපොච්චාරණය කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා