වාහන දුම් පරීක්ෂාව මධ්‍යම-දකුණ හා උතුරුමැදට

වාහන දුම් පරීක්ෂාව මධ්‍යම-දකුණ හා උතුරුමැදට

බස්නාහිර පළාතේ පමණක් කි‍්‍රයාත්මක වූ වාහන දුම් පරීක්ෂා කිරීමේ (වායු විමෝචන) වැඩසටහන මේ 22 වැනිදා සිට දකුණ, උතුරුමැද හා මධ්‍යම පළාත්වලද කි‍්‍රයාත්මක කරන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මෝටර් රථ පරීක්ෂක හා වායු විමෝචන මධ්‍යස්ථාන අධිකාරී එස්. ඒ. පේමරත්න මහතා පැවසීය.

මේ අනුව එම පළාත්වල ලියාපදිංචි සියලුම වාහන හිමියන් වාර්ෂික ආදායම් බලපත‍්‍රය ලබා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම වාහන වායු විමෝචන සහතිකය ලබාගත යුතුª බව පේමරත්න මහතා කීය.

ක්ලින්කෝ ලංකා පුද්ගලික සමාගම හා ලාෆ්ස් ලංකා පුද්ගලික සමාගම යන සමාගම් දෙක මගින් වාහන පරීක්ෂාව සඳහා ස්ථිර පරීක්ෂණ මධ්‍යස්ථාන හා ජංගම පරීක්ෂණ මධ්‍යස්ථාන එම ප‍්‍රදේශයන්හි පිහිටුවන අතර ජංගම මධ්‍යස්ථාන නියම කරන ලද දිනයන්හි පමණක් පවත්වනු ලැබේ.

කිසියම් වාහනයක් මේ පරීක්ෂාවෙන් අසමත් වුවහොත් දින 60 ක් ඇතුළත වාහනය අලුත්වැඩියා කර නැවත මුදල් ගෙවීමකින් තොරව දුම් පරීක්ෂණ සහතිකය එම මධ්‍යස්ථානයෙන් හෝ එම ආයතනයට අදාළ ඕනෑම මධ්‍යස්ථානයකින් ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.

ශී‍්‍ර ලංකා යුද හමුදා සේවයට අයත් වාහන සහ ඉඩම් වාහන මේ පරීක්ෂණයෙන් නිදහස් කර ඇති අතර නව වාහන පළමු වසර තුන සදහා පමණක් නිදහස් කර තිබේ.

මේ සහතිකය වසරක් පමණක් වලංගුවේ.

2008 නොවැම්බර් 17 වැනිදා සිට බස්නාහිර පළාතේ මේ වායු විමෝචන වැඩසටහන ඇරඹූ අතර එදින සිට 2009 මාර්තු 31 වැනිදා දක්වා වන සුළු කාලය තුළදී වාහන 350000කට ආසන්න ප‍්‍රමාණයක් පරීක්ෂා කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා