සුබසෙත 40 වසර සපුරයි

සුබසෙත 40 වසර සපුරයි

ලේක්හවුස් ආයතනය සතිපතා පළ කරන ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත වන “සුබසෙත”ට වසර 40 ක් සපිරේ.

සුබසෙත පුවත් පතේ සංවත්සර උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම 23 වැනිදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

සුබසෙත පත‍්‍රයේ හිටපු කර්තෘවරුන් තිදෙනෙක් ලේඛක ඡ්‍යොතිෂවේදීන් හා ආයුර්වේදීන් හතළිස් දෙනෙකු මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලබති.

ඉකුත් වසරේ දී කොළඹ ආනන්ද විදුහලේ පැවැති සුබසෙත ඡ්‍යොතිෂ විභාගයෙන් සමත් වූ 157 දෙනෙකු හා දැයට කිරුළ සහන සේවයේ දී නිශ්සරණාධ්‍යාශයෙන් ඇපකැප වූ පිරිසක් ද මෙහිදී සහතික පත‍්‍ර ලබා ගැනීමට නියමිතය.

අගමැති රත්නසිරි වික‍්‍රමනායක, කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර, ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, දේශීය වෛද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද, ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා, නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා